Pages

රාජපක්ෂ ආණ්ඩුව සලකන්නේ කොල්ලන්ට, කෙල්ලන්ට වඩා බල්ලන්ටයි ! ෴ වෛද්‍ය නලින්ද ජයතිස්ස ෴

     
         වර්තමාන රාජපක්‍ෂ ආණ්ඩුව මේ රටේ තරුණ තරුණියන් නොසලකා හැර තිබෙනවා. උසස් පෙල ඉහලින්ම සමත් A 3 ගත්ත අයටත් විශ්වවිද්‍යාල දොරටු වහලා. උපාධිධාරීන් රැකියා නැතිව වේලෙනවා. එක්කෝ උපාධිය තියාගෙන මේසන් බාස්ලාට අත්වැඩ දෙනවා. උපාධිධාරීන් රේස් බුකීවල ලියන්නො කරලා. රස්සාවක් නැති තරුණයන්ට ජීවිතේ පරදු තියලා හොර බෝට්ටුවෙන් ඕස්ටේ‍්‍රලියාවට පනින්න වෙලා. රස්සාවක් නැති නම් පරස්තාවත් නැහැ.
දැන් කසාද සහතිකේ ගාස්තුවත් රුපියල් දාහෙ ඉදල පන්දාහ වෙනකන් වැඩිකරලා. රටේ කොල්ලන්ට කෙල්ලන්ට එහෙම සලකන ආණ්ඩුව රාජකීය උත්සව තියල, පෝරු හදල බල්ලන්ව නම් නොමිලේම බන්ඳනව. සුඛෝපභෝගී වාහනවලින් නුවරඑලියෙ හනිමූන් යවනව.
මේ සැරේ අයවැයත් බල්ලන්ට සලකපු අයවැයක්. රටේ ජනතාව කන බොන කෑම බීමවල මිල ඉහල දාල පිටරටින් ගේන බලූකෑම වල බදු අඩුකරලා. ප‍්‍රංශයේ හිටපු 16 වෙනි ලූවී රජ්ජුරුවන්ගේ බිසව ජනතාවට කිව්වේ පාන් නැත්නම් කේක් කාපල්ලා කියල. රාජපක්‍ෂ ආණ්ඩුව අපේ රටේ ජනතාවට කියන්නේ බත් පාන් නැත්නම් බලූ කෑම කාපල්ලා කියල. ලෝකෙ කොයි රජ බිසෝ ගොල්ලෙත් එහෙම තමයි.
රාජපක්‍ෂල බල්ලන්ට සැලකීම කෙසේද කියනව නම් ලේකම් රාජපක්‍ෂ කෙනෙක් ශ‍්‍රී ලංකන් ගුවන්යානාවක් වෙනම ස්විට්සර්ලන්තෙට යැව්ව බල්ලෙක් ගේන්න. ඔන්න ඔහොමලූ රාජපක්‍ෂල බල්ලන්ට සලකන්නෙ. බස්නාහිර පලාත් සභා මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ (11) පලාත් සභා අපේක්‍ෂක, හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී විජිත කරුණාරත්න මහතාට ආධාර පිණිස හොරණ කනන්විල ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

No comments:

Post a Comment

Comrade Rohanawijeweera

Comrade Rohanawijeweera
Rohanawi jeweera