ජවිපෙ මන්ත්‍රී ප්‍රතිපාදනවලින් පාසල් දරුවන්ට පොත් ලබා දේ !
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදනවලින් රුපියල් ලක්ෂ 7ක් යොදවා ක්‍රියාත්මක කරන ‘පාසල් දරුවන් සඳහා පොත් සහ පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන’ ඉකුත් 05 වන දා අගලවත්ත පිඹුර ප්‍රාථමික විද්‍යාලයෙන් ආරම්භ විය. අද දිනයේදී පිඹුර විද්‍යාලයේ සියළුම සිසුන්ට 2014 වසර සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් කට්ටල ලබාදීම සිදු කෙරිණ.
මේ අවස්ථාවට මතුගම අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය හා ප්‍රාථමික අධ්යක්ෂවරයා ද සහභාගි වූහ.
No comments:
Post a Comment